කෘෂ්ණ
කෘෂ්ණ | |
---|---|
දිව්‍යත්වය, ආදරය, දැනුම, රූමත්භාවය | |
දේවනාගරී | कृष्ण |
සංස්කෘත පරිවර්තනය | Kṛṣṇa |
අනුබැඳිය | ස්වයං භගවාන්, පරමාත්මන් |
වාසභවනය | ගෝලෝක වෘන්දාවනය, ගෝකුල, ද්වාරකා |
ආයුධය | සුදර්ශන චක්‍රය කෞමෝදකී |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | රාධා, රුක්මිණී, සත්‍යභාමා, ජම්බාවතී, කාලින්දි, මිත්‍රවින්දා, නග්නජිතී, භද්‍රා, ලක්ෂ්මණා සහ අනෙක් 16,000 හෝ 16,100ක් වූ කනිෂ්ඨ බිසෝවරු[1] |
දෙමාපියන් | දේවකී සහ වසුදේව, යශෝධා (හදාගත් මව) සහ නන්ද බාබා (හදාගත් පියා) |
සොයුරු/සොයුරියන් | බලරාම, සුභද්‍ර |
වාහනය | ගරුඩා |
පාඨ ග්රන්ථ | මහාභාරතය, භගවද් ගීතාව, විෂ්ණු පුරාණය, භගවත පුරාණය |
උත්සව | කෘෂ්ණ ජන්මාෂ්ටමි, හෝලි |
ලිපි මාලාවක කොටසක් වන |
වෛෂ්ණව ආගම |
---|
හින්දු ආගම ද්වාරය |
මෙම ලිපිය |
හින්දු ආගම |
---|
පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
කෘෂ්ණ (/ˈkrɪʃnə/; සංස්කෘත: कृष्ण, Kṛṣṇa IAST වලින්, උච්චාරණය [ˈkr̩ʂɳə] ( අසන්න)) යනු විවිධ දෘෂ්ටිකෝණවලින් වන්දනාවට ලක්වන ප්‍රධාන හින්දු දෙවි කෙනෙකි. කෘෂ්ණ ඔහුගේ අයිතියෙන් ස්වයං භගවාන් හෙවත් විෂ්ණු දෙවියන්ගේ පූර්ණ/පරම උත්පත්තියක් ලෙසද ඊශ්වරගේ පූර්ණ ප්‍රතිරූපයක් ලෙසින්ද සලකනු ලබයි. සියලු හින්දු දෙවිවරුන් අතුරින් වඩාත් වන්දනාවට ලක්වන සහ ප්‍රචලිත පරමාත්ම ස්වරූපයක් ලෙස කෘෂ්ණ හැඳින්විය හැක.[2] හින්දු දින දර්ශනය අනුව හින්දූහු කෘෂ්ණගේ උපන් දිනය සෑම වර්ෂයකම ශ්‍රාවණ මාසයේ කෘෂ්ණ පක්ෂයේ (අඳුරු පක්ෂය) අටවන දිනයේ (අෂ්ටමි) සමරති.[3]
කෘෂ්ණව ගෝවින්ද, මුකුන්ද, මධුසුධාන, සහ වාසුදේව යන නම්වලින් ද හඳුන්වනු ලබයි. ඔහුව නිතරම වෙඬරු කෑමට ප්‍රිය ළදරුවකු; භගවත පුරාණයේ සඳහන් පරිදි වස්දඬු වයන දරුවකු;[4] රාධා සමග සිටින තරුණයකු; ස්ත්‍රීන් පිරිවරා ගත් තරුණයකු; හෝ භගවද් ගීතාවේ දැක්වෙන පරිදි දිශාව සහ මඟපෙන්වීම සිදුකරන වැඩිමහල් පුද්ගලයකු ලෙස නිරූපණය කිරීම සිදුවේ.[5] කෘෂ්ණගේ කථාපුවත හින්දු දර්ශනය සහ සම්ප්‍රදායයන් තුළ පුළුල් විවිධත්වයකින් යුතුව දැකගත හැක.[6] ඔවුහු ක්‍රිෂ්ණව විවිධ දෘෂ්ටිකෝණවලින් නිරූපණය කරති: ළමා දෙවියකු, විසුළුකාරයකු, පරමාදර්ශී ප්‍රේමවන්තයකු, දිව්‍යමය වීරයකු, සහ පරම දේවතාවකු ලෙස දක්වා තිබේ.[7] කෘෂ්ණගේ කථාපුවත විස්තර කෙරෙන ප්‍රධාන මූලාශ්‍රයන් වන්නේ ශ්‍රීමද් භගවතම්, මහාභාරතය, හරිවංසය, භගවත පුරාණය, සහ විෂ්ණු පුරාණයයි. කෘෂ්ණ පිළිබඳ වෘත්තාන්ත සහ උපාඛ්‍යාන සාමාන්‍යයෙන් කෘෂ්ණ ලීලා ලෙස හැඳින්වේ.
කෘෂ්ණ දේව වන්දනාව කෘෂ්ණ දෙවියන්ගේ ස්වරූපයෙන් හෝ වාසුදේව, බාල කෘෂ්ණ හෝ ගෝපාල් වැනි ස්වරූපවලින් වන්දනාවට සාක්ෂි ක්‍රි.පූ. 4වන සියවස තරම් මුල් කාලයෙන් හමුවේ.[8][9] ස්වයං භගවාන් ලෙස කෘෂ්ණ වන්දනාව හෝ කෘෂ්ණවාදය ලෙස කෘෂ්ණ පරම දේවතාවකු ලෙස වන්දනාමාන කිරීම මධ්‍යතන යුගයේ සිදුවූ අතර එය භක්ති ව්‍යාපාරය අනුව පෙනේ. ක්‍රි.ව. 10වන සියවසේ දී කෘෂ්ණ අභිවාහ්‍ය කලා සඳහා ජනප්‍රිය තේමාවක් බවට පත්වූ අතර, ප්‍රාදේශික ඇදහිලි සම්ප්‍රදායයන් ද වර්ධනය විය. මෙයට උදාහරණ ලෙස ඕඩිෂාවේ ජගන්නාථ, මහාරාෂ්ට්‍රයේ විථෝබ සහ රාජස්ථානයේ ශ්‍රීනාත්ජී වැනි උදාහරණ දැක්විය හැක. 1960 දශකයේ සිට කෘෂ්ණ වන්දනාව බටහිර ලෝකය සහ අප්‍රිකාව වෙත ව්‍යාප්ත වූයේ ප්‍රධාන වශයෙන්ම කෘෂ්ණ සවිඥානකතාව සඳහා අන්තර්ජාතික සංගමය (ISKCON) දැරූ ප්‍රයත්නයන්හි ප්‍රතිඵලයක් ලෙසයි.[10] ක්‍රිෂ්ණ වන්දනාවේ ප්‍රධාන යෝජකයකු ලෙස ගෞඩියා මැත් සැලකේ.
ඇතැම් ආගමික විද්වතුන් කෘෂ්ණගේ උපන්දිනය ගණනයට උත්සාහ දරා ඇත. "වාසුදේව ගෝවින්ද කෘෂ්ණ ශෞරි" යන නාමයෙන් කෘෂ්ණ වර්තමානයේ ගිලීගොස් ඇති ද්වාරකා දිවයිනේ (ඉන්දියාවේ ගුජරාටයට නුදුරින්) ශූරසේනි සහ වෘෂ්ණි ගෝත්‍ර පාලනය කළේ යැයි විශ්වාස කරන ඇතැම්හු ඔහුගේ උපන්දිනය ක්‍රි.පූ. 3200 සහ 3100 අතර දිනයක් යැයි පවසති.[3]
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ John Stratton Hawley, Donna Marie Wulff (1982). The Divine Consort: Rādhā and the Goddesses of India. Motilal Banarsidass Publishe. ISBN 9780895811028.
- ^ "Krishna". Encyclopædia Britannica Online.
- ^ a b "Krishna lived 125 years". Times of India.
- ^ Knott 2000, p. 56
- ^ Knott 2000, p. 36, p. 15
- ^ Richard Thompson, Ph.D. (December 1994). "Reflections on the Relation Between Religion and Modern Rationalism". 2011-01-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-04-12.
{{cite journal}}
: Cite journal requires|journal=
(help) - ^ Mahony, W.K. (1987). "Perspectives on Krsna's Various Personalities". History of Religions. 26 (3). American Oriental Society: 333–335. doi:10.1086/463085. JSTOR 1062381.
{{cite journal}}
: Invalid|ref=harv
(help) - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Cultofgopal
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Hastings540
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ Selengut, Charles (1996). "Charisma and Religious Innovation:Prabhupada and the Founding of ISKCON". ISKCON Communications Journal. 4 (2). 13 July 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 September 2017.
{{cite journal}}
: Invalid|ref=harv
(help)
ප්‍රභව
[සංස්කරණය]- Doniger, Wendy (1993), Purana Perennis: Reciprocity and Transformation in Hindu and Jaina Texts, SUNY Press, , https://books.google.com/books?id=-kZFzHCuiFAC
- Sangave, Vilas Adinath (2001), Facets of Jainology: Selected Research Papers on Jain Society, Religion, and Culture, Mumbai: Popular Prakashan, , https://books.google.com/books?id=QzEQJHWUwXQC
- Singh, Upinder (2016), A History of Ancient and Early Medieval India: From the Stone Age to the 12th Century, Pearson Education, , https://books.google.com/books?id=Pq2iCwAAQBAJ
- Zimmer, Heinrich (1953), Campbell, Joseph, ed., Philosophies Of India, London, E.C. 4: Routledge & Kegan Paul Ltd, , https://archive.org/details/Philosophy.of.India.by.Heinrich.Zimmer
වැඩිදුර කියවීමට
[සංස්කරණය]- Beck, Guy L. (1993). Sonic theology: Hinduism and sacred sound. Columbia, S.C: University of South Carolina Press. ISBN 0-87249-855-7.
- Bryant, Edwin F. (2004). Krishna: the beautiful legend of God;. Penguin. ISBN 0-14-044799-7.
- Bryant, Edwin F. (2007). Krishna: A Sourcebook. Oxford University Press, USA. ISBN 0-19-514891-6.
- The Mahabharata of Krishna-Dwaipayana Vyasa, translated by Kisari Mohan Ganguli, published between 1883 and 1896
- The Vishnu-Purana, translated by H. H. Wilson, (1840)
- The Srimad Bhagavatam, translated by A.C. Bhaktivedanta Swami Prabhupada, (1988) copyright Bhaktivedanta Book Trust
- Knott, Kim (2000). Hinduism: A Very Short Introduction. Oxford University Press, USA. p. 160. ISBN 0-19-285387-2.
- The Jataka or Stories of the Buddha's Former Births, edited by E. B. Cowell, (1895)
- Ekstrand, Maria (2004). Bryant, Edwin H. (ed.). The Hare Krishna movement: the postcharismatic fate of a religious transplant. New York: Columbia University Press. ISBN 0-231-12256-X.
- Gaurangapada, Swami. "Sixty-four qualities of Sri Krishna". Nitaaiveda. Nitaiiveda. සම්ප්‍රවේශය 2013-05-24.
- Goswami, S.D (1995). "The Qualities of Sri Krsna". GNPress. ISBN 0-911233-64-4. 2015-05-18 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-09-18.
{{cite journal}}
: Cite journal requires|journal=
(help) - Garuda Pillar of Besnagar, Archaeological Survey of India, Annual Report (1908–1909). Calcutta: Superintendent of Government Printing, 1912, 129.
- Flood, G.D. (1996). An Introduction to Hinduism. Cambridge University Press. ISBN 0-521-43878-0.
- Beck, Guy L. (Ed.) (2005). Alternative Krishnas: Regional and Vernacular Variations on a Hindu Deity. SUNY Press. ISBN 0-7914-6415-6.
{{cite book}}
: Invalid|ref=harv
(help) - Rosen, Steven (2006). Essential Hinduism. New York: Praeger. ISBN 0-275-99006-0.
{{cite book}}
: Invalid|ref=harv
(help) - Valpey, Kenneth R. (2006). Attending Kṛṣṇa's image: Caitanya Vaiṣṇava mūrti-sevā as devotional truth. New York: Routledge. ISBN 0-415-38394-3.
{{cite book}}
: Invalid|ref=harv
(help) - Sutton, Nicholas (2000). Religious doctrines in the Mahābhārata. Motilal Banarsidass Publ.,. p. 477. ISBN 81-208-1700-1.
{{cite book}}
: CS1 maint: extra punctuation (link) - History of Indian Theatre By M. L. Varadpande. Chapter Theatre of Krishna, pp. 231–94. Published 1991, Abhinav Publications, ISBN 81-7017-278-0.
බාහිර සබැඳි
[සංස්කරණය] කෘෂ්ණ ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
- ක්‍රිෂ්ණ සඳහා බ්‍රිටනිකා විශ්වකෝෂයේ ඇති සෙවුම
- Iloveindia.com - අධ්‍යාත්මිකතාව - ක්‍රිෂ්ණ
- කෘෂ්ණ
- මැවුම්කාරී දෙවිවරු
- මහාභාරතයේ චරිත
- භගවත පුරාණයේ චරිත
- වානිජ දෙවිවරු
- විනාශකාරී දෙවිවරු
- විෂ්ණුගේ ස්වරූප
- වාසනා දෙවිවරු
- හින්දු පරම්මරණය
- හින්දු දෙවිවරු
- උපත්-මරණ-පුනර්භව දෙවිවරු
- මෙසියස්වාදය
- හින්දු ආගමේ දෙවිවරුන්ගේ නම්
- ගැලවුම්කාර දෙවිවරු
- ත්‍රිත්ව දෙවිවරු
- වෛෂ්ණව ආගම
- ප්‍රඥාවේ දෙවිවරු
- මථුරාවේ ජනයා
- අනුගාමිකයන් විසින් අවතාර ලෙස සලකන පුද්ගලයෝ
- උපන් වර්ෂය අවිනිශ්චිත පුද්ගලයෝ
- මරණ වර්ෂය අවිනිශ්චිත පුද්ගලයෝ
- සලාකපුරුස
- නළාවාදකයෝ